Traditional Easy Pot Biriyani in Rocket Stove Vill

Zafa
2 Views
අපේ අම්මා කියන්නේ අවුරුදු 50ක ඉවුම් පිහුම් පිහුම් පිළිබඳ මනා පළපුරුද්දක් සහ අත්දැකීම් ඇති ගම්බද පාසල් වල ගෘහවිද්‍යා ආචාරිණියක් ලෙසද කටයුතු කළ වයස අවුරුදු 62ක (2021) විශ්‍රාමික ගුරු මාතාවක්, ශ්‍රී ලංකාවේ යුටියුබ් චැනල් වලින් තනි පුද්ගලයෙක් සිංහලෙන් උගන්වන යුටියුබ් චැනලයක් වන අපේ අම්මා යුටියුබ් චැනලයට ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට සබ්ස්ක්‍රයිබස්ලා (වීඩියෝ බලන අය) ලක්ෂ 10ක් 2020 මාර්තු 23 වනදා පැමිණියා. යුටියුබ් ආයතනට අනුව ලක්ෂ 10ක් යනු, රන් සම්මාණයක් ලබන ප්‍රමාණයයි. (2022-8-24 වන විට සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 26ක් සිටිනවා.) මේ රන් සම්මාණය අපේ අම්මා ලබන්නේ මේ රටේ මිනිසුන්ට යම් වටිනා සේවයක් සිදු කරලයි. පිටරටවල් වලත් මෙවැනි රන් සම්මාන යුටියුබ් චැනල් කරන අයත් ලබනවා.ඒ අතර බොහෝ දෙනෙක් මුදල් හම්බකිරීමේ පරමාර්ථයෙන් යුටියුබ් චැනල් පවත්වාගෙන යෑමෙනුයි එම සම්මාන ලබන්නේ. මෙහි කිව යුතු විශේෂම දෙයක් වන්නේ අපේ රටේ කිසිම මාධ්‍යකින් මේ චැනලය ගැන හෝ අපේ අම්මා ගැන ප්‍රසිද්ධ කර නොගැනීමයි. ඒ වගේම මේ සබ්ස්ක්‍රයිබස්ලා මුදලට ගන්න පුලුවන්. අපේ අම්මා චැනලයේ එවැනි දේ සිදු කර නැත. මෙම චැනල් එකේ වැදගත්ම කරණාව වන්නේ. ශ්‍රී ලංකාවෙත් පිටරටවල් වලත් සිංහල අය හැමකෙනෙක්ම වාගේ හරියට උයන්න ඉගෙනගත් චැනල් එක අපේ අම්මා චැනල් එක වීමයි. අපේ අම්මා චැනල් එකේ ශ්‍රී ලාංකීය සිංහල ආහාර(ගමේ කෑම) බේකරි කෑම, රස කැවිලි වර්ග සාම්ප්‍රදායික ආහාර ඖෂධීය ආහාර පාන වර්ග සහ අපේ දිවට හුරුපුරුදු වෙනත් රටවල ආහාරද ඇතුලත් වීඩියෝ මේ වන විට 1600 කට වැඩිය කරලා තියනවා. මා ගොඩාක් සතුටට පත් වන්නේ. ලක්ෂ 26ක් පැමිණීම නිසා නොව වර්තමාන තරුණ පරපුර වගේම වැඩිහිටි අයත් අපේ අම්මාගෙන් ඉගෙනගෙන ගෙවල් වල රසට වගේම ගුණයත් රැකගෙන උයන නිසාය. මේ චැනල් එකේ විශේෂම දෙය තමයි කෑම රස කරන්නේ දේශීය කුළු බඩු වලින් පමණයි. කෘතීම රස කාරක. චයිනීස් ඇමරිකන් වැනි වෙනත් රටවල පාවිච්චි කරන සෝස් වර්ග කිසිවක් කෑමට එකතු කරන්නේ නැත. ඒ වගේම ළමයි දෙමව්පියන් සඳහා මනෝවිද්‍යාත්මක වැඩසටහන්ද අපේ අම්මා චැනල් එකෙන් ඉදිරිපත් කර ඇත. දැනට අපේ අම්මා චැනල් එකේ කැමරා, විඩියෝ සංස්කරණය, ග්‍රෑෆික්, ෆෙස් බුක් යුටියුබ් ඇඩ්මින් වරු. සිංහල ඉංග්‍රීසි ටයිපින්. යන අංශ වල කටයුතු කරන 8 දෙනෙක් සේවය කරනවා. ඉදිරියේදි අපේ අම්මා චැනල් එක තුලින් ඔබට තවත් සේවය කරන්න බලාපොරොත්තු වෙනවා. In this channel we have done around 1285 video recipes not only related to Sri lankan traditional food but also recipes from other cuisines that match the Sri lankan taste. I will present these videos to you very soon. "Ape Amma" channel's main aim isn't only food. I'll teach you how to make healthy recipes from valuable ayurvedic plants to cure different diseases. Specially I'll be teaching different recipes for people with gastritis, depression, diabetes, high blood pressure, high Cholesterol etc,. I hope this channel is going to be a new experience for the Sri lankans

Latest Videos

Partner Program Latest Videos Terms of Service About Us Copyright Cookie Privacy Contact